උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට අයපහත් කාලගුණයෙන් බාධා
දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින අයපහත් කාලගුණයෙන් බාධා පැමිණ ඇති බව එම ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිළධාරි අතුල විජේසිංහ මහතා පැවසීය.
ස්ථායිකරණ ක්‍රමවේදය මගින් නායයැමේ අවධානම අවම කිරිමේ ව්‍යාපෘතිය (RLVMMP) යටතේ කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර ග්‍රේග්ලි වතුයායේ නාය ගිය ස්ථානයේ සිදු කරන ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික ගොඩනැලිගි පර්යේෂණායතනයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශමත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි.
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ කළු ගල් ලබා ගැනීමේ අපහසුතාවයක් පවතින නිසා ව්‍යාපෘතියේ වැඩ කටයුතු අඩාල වී ඇති බවත්, දැනට එම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 60%ක් පමණ අවසන් වී ඇති බවයි තාක්ෂණ නිළධාරියා කියා සිටියේ.
කොටගල දුම්රිය ස්ථානයේ සිට සේවා සැපයුම් දුම්රියක් මගින් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා අවශ්‍ය උපකරණ ප්‍රවාහනය කරන අතර, පවතින වර්ෂාපතනය අඩු වී වියලි කාලගුණ තත්වයක් පැවතිය හොත් කොටගල ග්‍රේග්ලි වතුයායේ දුම්රිය මාර්ගය අසළ නාය ගිය ස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන්වන විට අපේක්ෂා කරන බවයි ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිළධාරි අතුල විජේසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
