උඩරට දුම්රිය මගේ යළිත් දුම්රිය පීලි පැනීමක්
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්රි තැපැල් දුම්රිය අද (23) රාත්රි කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසලදී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නායයාම නිසාවෙන් දින තුනක් පමන ධාවනය නොවූ බදුල්ල කොළඹ කොටුව අතර රාත්රි තැපැල් දුම්රිය යලි ඊයේ (23) දින රාත්රි යලි ආරම්භ වී බදුල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 6.40ට පමන කොළඹ කොටුව බලා ගමන් කරමින් තිබියදී මෙසේ කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසලදී එම රාත්රි තැපැල් දුම්රියේ පසුපස එන්ජිම පිලීපැනීමට ලක්ව ඇති බවත් දුම්රිය බළධාරින් පැවසුහ .
මේ අතර මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන සීඝ්රගාමී දුම්රිය දැනට හීල් ඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , එම දුම්රියේ එන්ජිම ගලවා පිලීපැනීමට ලක්ව ඇති රාත්රි තැපැල් දුම්රිය ට සවිකර අංක 1046 දරන රාත්රි තැපැල් දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය කරවීමට කටයුතු සිදු කරන බවත් නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
මහනුවර සිට බදුල්ල බලා පැමිනි අංක 1007 දරන සීඝ්රගාමී දුම්රියේ සිටි විදේශීක සංචාරක යන් ඇතුලු මගීන් සදහා හීල් ඔය දුම්රිය ස්ථානයයේ සිට බස් රථ මගින් ප්රවාහන පහසුකම් සලසා දීමට කටයුතු සිදු කරන බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රිය එන්ජිම පිලීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය සේවකයන් රැගත් ආපදා දුම්රියක් පිටත් කර යැවීමට කටයුතු කල බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයකු පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

