උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදු වෙමින් පවතින දුම්රිය පීලී පැනීම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට ලක් ව ඇති බවත්, පසුගිය මසක වැනි කාලයක් තුළදී පමණක් අවස්ථා හතරකදී මෙසේ දුම්රියන් පීලී පැනීමට ලක්ව ඇතැයි උඩරට දුම්රිය මගීහු චෝදනා කරති.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් පීලී පැනීමට ලක්වුවහොත් විශාල දුරක් දැඩි අපහසුතා මැද බස් රථ ලබා ගැනීමට පා ගමනින් යාමට සිදුවන බවත්, රැගෙන යන ගමන් මලු හා විවිධ බඩු භාහිරාදිය රැගෙන යාමේදී තමන් දැඩි දුෂ්කතරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්වෙන බවද ඔවුහු කියති.
විශේෂයෙන් උඩරට දුම්රියන් තුළ විදේශීය සංචාරකයන් බහුල ලෙස ගමන් කරන බවත්, එම විදේශීකයන්ද නිරන්තරයෙන් සිදුවන මෙම පීලී පැනීම් හේතුවෙන් අපහසුතාවයන්ට ලක්වෙමින් හා දැඩි කණස්සල්ලට ලක්වෙමින් පසුවන බවද ඔවුහු සඳහන් කරති.
උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් මෙසේ දුම්රියන් පීලී පැනීමට ලක් වෙමින් පැවතීම හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට මගීන්, දේශීය හා විදේශීය සංචාරකයන් ද මැළිකමක් දක්වන බවද දුම්රිය මගීහු පවසති.
උඩරට දුම්රිය මාර්ගයේ ආසන්නම දුම්රිය පීළී පැනීම දියතලාව සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතරදී ඉකුත් (17) දින හා හපුතලේ හා දියතලාව දුම්රිය ස්ථාන අතරදී ඉකුත් (16) දින සිදුව ඇති බවත්, පැය 36 ක් වැනි කෙටි කාලයක් තුලදී එකම දුම්රිය එසේ දෙවරක් පීලී පැනීමට ලක් වු බව බවද දුම්රිය මගීහු සඳහන් කරති.
උඩරට දුම්රිය මාර්ගය නිසි පරිදි නඩත්තු කොට දුම්රියන් පීලී පැනීමට ඇති ඉඩකඩ අසුරා දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය මගීන් වගකියුතු අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
