උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට අද (29) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල හාලිඇල ප්රදේශ වලට ඊයේ (28) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ශාවත් සමග මෙසේ අලුයම දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත කඩා වැටී තිබේ.
මේනිසාවෙන් බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (29) අලුයම 5.45 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය දැනට හාලිඇල දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1045 දරන රාත්රි තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේය .
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති ගල්පර්වත ඉවත් කිරිමේ කටයුතු වල සේවක පිරිස නිරතව සිටින බවත් , මේනිසාවෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රියන් අද (29) දින ප්රමාද වන බවත් දුම්රිය බළධාරින් කීහ .
ඇල්ල ප්රසාද් රුක්මාල්