උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට
උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වු විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (15) සවස මෙසේ පිලිපැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවති බව පාලක මැදිරිය සඳහන් කරයි.
පිලිපැනීමට ලක් වු සීඝ්‍රගාමී දුම්රියේ මැදිරි පිලිගත කිරීමේ කටයුතු අද අලුයම 3.40 පමණ වනවිට අවසන් කිරීමට හැකි වු බවද පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට ධාවනය වු රාත්‍රි දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේත්, කොළඹ සිට ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේත් නවතා තිබු බවත්, එම දුම්රියන් ඇතුළු උඩරට දුම්රිය මාර්ගයේ අනෙකුත් දුම්රියන් මේ වනවිට සාමාන්‍ය පරිදි ධාවනය කරනු ලබන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.
තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

