උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලිත් 09දා දින සිට ආරම්භ කරන බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා අද (07දා) නාවලපිටිය දුම්රිය ස්ථානයේදි පැවති සාකච්ඡාවේදි පැවසිය.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ දුම්රිය දෙපාර්තුමේන්තුවේ සමාන්‍යාධිකාරිවරයා ඇතුළු උසස් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් උඩරට දුම්රිය මාර්ගයේ යලි ධාවන කටයුතු ආරම්භ කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නාවලපිටිය දුම්රිය ස්ථානයේදි පැවැත්විණ.
මෙම සාකච්ඡාවේදි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් ධාවනය නොවිම හේතුවෙන් ඉගුරුඔය , ගලබොඩ යන ප්‍රදේශවල ජනතාවට සහ පාසල් ළමුන්ට ප්‍රවාහන පහසුකම් නොමැති විමෙන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි.
මෙහිදි දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් කියා සිටියේ නාවලපිටිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයාම් , පස් සහ ගල් පෙරලි ඇති බවත්, එවා මේ වන විට යථා තත්ත්වයට පත් කිරිමේ කටයුතු අවසන් අදිරයේ පවතින බවයි.
මේ අනුව 9 දින සිට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කිරිමට හැකි බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිලධාරින් පැවැසීය.