උඩප්පුව මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිඨාසය තුල 12 දින වන විට කොරෝනා ආසාදිතයින් 57ක් දක්වා ඉහල ගොස් ඇති බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
මෙසේ උඩප්පුව තුළ කොරෝනා ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහල යාමත් සමග සෞඛ්‍ය අංශ දැඩි අසිරුතාවයකට ලක්ව ඇති බවද පවසයි.
ඒ සමගම මෙම තත්වය උඩප්පුවේ සාමාන්‍ය ජන ජීවිතයට යම් බලපෑමකට ලක්කර ඇති අතර මේ නිසාම වයෝවෘද්ධ පිරිස් දැඩි අවධානමකට ලක්විම වැලැක්විම සදහා මහත් පරිශ්‍රමයක් ගැනිමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් පවතින බව කියයි.
මේ පිළිබදව කල විමසිමේදි මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය එස්.ආර් .ජවුසි මහතා පවසා සිටියේ උඩප්පුවේ ජනතාව නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම වේදයන් අනුගමනය නොකිරිම මෙලෙස ආසාධිතයින් සිග්‍ර ඉහල යාමට හේතු වි ඇති බවයි.
මෙම කොරෝනා ආසාදිතයින් හේතුවෙන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇති පිරිස 500 කට ආසන්න බවද සෞඛ්‍ය අංශ පවසයි .
මෙසේ උඩප්පුවේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යාම සිදුව ඇත්තේ කිරියන්කල්ලිය ,මුන්දලම , හා මාරවිල කර්මාන්ත ශාලා කිපයකින් කොරෝනා ආසාදනය විම නිසා බව කියයි.