උකස් තැබූ ලක්ෂ 5ක රන් මාලය නැතිවිමට කළමනාකාරිය අත්අඩංගුවට
අලවතුගොඩ නගරයේ ඇති මෙරට ප්රධාන පෙළේ ස්වර්ණාභරණ උකස් ගැනීමේ සන්නාම නාමයක් සහිත ආයතනයක අලවතුගොඩ ශාඛාවේ උකස් තැබූ රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා රන් මාලයක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ශාඛාවේ කළමනාකාරිනිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි .
මීට මාස කිහිපයකට පෙර උකස් තබා ඇති එම මාලය අස්ථානගත වී ඇති බවට විගණන විමසුමකදී අනාවරණය වීමෙන් පසු එහි ඉහළ කළමණාකාරීත්වය අලවතුගොඩ පොලීසියට ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් එහි සේවක මණ්ඩලයෙන් සිදු කරන ලද ප්රශ්න කිරීම්වලින් අනතුරුව උකස් බඩු සේප්පුවේ යතුර භාරව සිටි එම කළමනාකාරවරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ .
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් පරිදි එහි අපරාධ අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

