ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු 01 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ හොත් මහ මැතිවරණය අප්‍රේල් මස 25/26 යන දිනවලින් එකක පැවැත්විය හැකි බව සඳහන් කර තිබේ.
අද පක්ෂ ලේකම්වරුන් හා පැවැති සාකච්ඡාවේදී මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.