ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගනිමින් ජංගම දුරකථන ඔස්සේ සම්බන්ධවී හෙරොයින් පැකට් බෙදාහරිමින් සිටි බව කියන පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 2ක් ඇතුලත් විවිධ ප්‍රමාණයේ පැකට් 4ක් සමඟ බදුල්ල පිංඅරාවේදි බදුල්ල දිස්ත්‍රික් විෂමත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් නිලධාරින් විසින් ඊයේ (6) රාත්‍රී 8.30ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ .
මෙම හෙරොයින් වල වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ 4ක් පමණ වන බව අනාවරණය වී ඇත .
මෙම ජාවාරාම සඳහා උපයෝගී කරගත් ජංගම දුරකථන 2ක්ද සැකකරු ළග තිබී සොයාගත් බව පොලීසිය පවසයි .
අවුරුදු 35ක් වයසැති සැකකරු ඇඹිලිපිටියේ පදිංචිකරුවෙක් බවත් වැලිමඩ නතර වි සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි .
මීට පෙර මෙම සැකකරුගෙන් ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මිලදි ගත් තරුණයන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙහෙයුමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
බදුල්ල - පාලිත ආරියවංශ