ඊශ්‍රායලයේ ජිවත්වන වීසා නොමැති ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම පිළිබඳව සාකච්ඡා සිදුකළ බව ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
ඊශ්‍රායෙලය හා ශ්‍රී ලංකාව අතර පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාවය ගොඩ නැගීමෙපිළිබඳව දෙවන හමුවේ දී ඊශ්රායිල් පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වාර්ෂි හමුවේ දී යළිත් මේ පිළිබඳව සාකච්ඡාවට භාජනය වූ බව ඔහු පවසයි.
ශ්‍රී ලාංකිකයන්ට අමතරව වෙනත් විදේශීය ජාතිකයන් ද විසා නොමැතිව සිටින බැවින් ඒ ගැන ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳව කමිටුව හමුවේ කරුණ දක්වන ලෙස ඔවුන් සඳහන් කළ බවද තානාපතිවරයා පවසයි.
මේ පිළිබඳව ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳව කමිටුව හමුවේ කරුණු දැක්වීමට නියමිත බවත් මේ හමුව සඳහා ඊශ්රායිල් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති Dr. Tsega Melaku, ඊශ්රායිල් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින්, පාර්ලිමේන්තුවේ විදේශ ප්‍රතිපත්ති අංශයේ නිලධාරීන් හා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හේමන්ත ඒකනායක මහතා ද සහභාගිවූ බව ඔහු වැඩිදුරටත් පවසයි.
