මැද පෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්රි ලංකා ඊශ්රායල් ගුවන් සේවා යලිත් ක්රියාත්මක වී ඇති බැවින් එරට රැකියා සදහා පිටත්ව යන ශ්රි ලාංකික ශ්රමිකයන්ට යලිත් රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව හිමිව තිබේ.
ඒ අනුව ඊශ්රායලයේ සාත්තු සේවා රැකියාව හිමි වූ ශ්රමිකයන් 47 දෙනෙකු අද උදෑසන එතිහාඩ් ගුවන් සේවයට අයත් EY 593 ගුවන් යානයෙන් පිටත් වු බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි. මෙම පිරිසට කාන්තාවන් 42 දෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු ඇතුළත් වන අතර ඊශ්රායල් රැකියා සදහා පිටත් 202 වන කණ්ඩායම මෙය වේ.