ඊශ්රායලය හා ශ්රී ලංකාව අතර සෘජු ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට දෙරටේම එකඟතාවය පල වි තිබේ.
කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ ගුවන් සේවා ඇරඹීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා සංචාරක අමාත්යංශය අතර ප්රධානත්වයෙන් සාකච්ඡා ආරම්භ වී තිබේ.
ඇමති ප්රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එය ක්රියාත්මකයි.
එහි ප්රතිඵලයක් අනුව ඊශ්රායලය හා ශ්රී ලංකාව අතර ගුවන් ගමන් සේවා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂිතයි. දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමෙන් පසුව එළැඹෙන මැයි මස සිට සැප්තැම්බර් දක්වා වූ සංචරණ සමය තුළ ඊශ්රායල් සංචාරකයින් 2000 - 5000 අතර ප්රමාණයක් මෙරටේ සංචාරය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.