වන්දනා කටයුතු සඳහා ඊශ්‍රායෙලය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජය මගින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබේ.
මොවුන් ජෙරුසෙලම , නාසරෙත් ඇතුළු ඊශ්‍රායලයේ ජේසු උපත සිදුවූ ස්ථාන නැරඹීම සහ වන්දනා කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කතෝලික බැතිමතුන් පිරිසකි.
ඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මගින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබේ.
ඊශ්‍රායෙලයේ ආගමන - විගමන නීති සහ රෙගුලාසි මත මෙම පිරිස මෙසේ පිටුවහල් කළ බව එරට රජය දන්වා එවුවත් මෙම පිරිස නීත්‍යානුකූලව ඊශ්‍රායලයේ සංචාරය සඳහා ගොස් ඇති බව විමර්ශන කරන කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ. මෙම පිරිසෙන් 43 ඊයේ දිනයේත්, තවත් 10 දෙනෙක් අද දිනයේත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එමෙන්ම තවත් 18 දෙනෙකු අද සවස සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එසේ පිටුවහල් කර එවන බවට ඊශ්රායෙල රජය විසින් දන්වා තිබේ.
මොවුන් කුලියාපිටිය, වෙන්නප්පුව, මීරිගම ආදී ප්‍රදේශ වල පදිංචි පදිංචිකරුවෝ වෙති.
කටුනායක ගුවන් තොටුපළ සහකාර පාලකවරයාගේ උපදෙස් පරිදි මෙම පිරිස පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සඳහා භාර දී තිබේ .
ටී.කේ.ජී. කපිල