මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (31) පුද්ගලයින් 511,142 කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. ඊයේ දිනයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 41,166 කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව 442,237 කට ලබාදී ඇති බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව 4,018 කට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 485 කට ලබාදී ඇති බවට වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
මේ අතර මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 169 දෙනෙකුට ලබාදී අති අතර එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 21,405 ක් වෙයි.
ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 17 කට සහ දෙවන මාත්‍රාව 1,645 කට ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේය.