මිලියන 20ක්වූ ශ්‍රී ලාංකිකයන්ට ඊ-හෙල්ත් කාඩ්පත තවත් මාස 09කින් නිකුත් කිරීමට සූදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
දියුණු තාක්ෂණය මේ වනවිට සෞඛ්‍ය සේවාවට රැගෙනවිත් තිබෙන බවත්, විදේශ ආයෝජනයක් ලෙස සියලුම රෝහල් මාස හතරක් ඇතුළත ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමට සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (26දා) පැවැත්වූ ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමයේ 61 වැනි වාර්ෂික සැසිවාරයට එක්වෙමිනි.