අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් ඉහළ දැමූ සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙනතුරු ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසු කිව් ආර් කේතය අවභාවිත වීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙන බවත් කිව් ආර් කේතයට පරිබාහිරව ඉන්ධන ලබා ගත් පිරිස් එම ක්‍රමවේදයට අනුගත වී තිබෙන බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඉන්ධන හල් මගින් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පෙර පෙට්‍රල් නිකුත් කිරීමේදී 24 ක් කිව් ආර් ක්‍රමවේදයට පරිබාහිරව නිකුත් කර තිබෙන බවත් කෝටාව ඉහළ දැමූ පසු එම ප්‍රමාණය 14 ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් ඩීසල් නිකුත් කිරීමේදී 28 ක් වැඩියෙන් ඩීසල් නිකුත් කර තිබෙන බවත් එම ප්‍රමාණය මේ වන විට 15 ක් දක්වා පහළ ගොස් තිබෙන බවත් සඳහන් කරයි.
කිව් ආර් කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන ඉන්ධනහල් පිලිබඳව නිරන්තරයෙන් විමර්ශනය කරන බවත් වැරදි සිදුකරන පිරවුම්හල්වලට එරෙහිව විනයානුකූල ක්‍රියා මාර්ග ගන්නා බවත් අඛණ්ඩව මෙම නීතිය උල්ලංඝනය කරන පිරවුම් හල් හිමියන්ගේ බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරනලෙසට විෂය භාර අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවත් පෙන්වා දෙයි. පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සැලකීමේදී කෝටාව ඉහළ දැමීමට පෙර පැවති දෛනික ඉන්ධන භාවිතයට සමාන ලෙස ඉන්ධන භාවිතා වී තිබෙන බවද සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අලුත් අවුරුදු උත්සව සමයවෙනුවෙන් ඉන්ධන කෝටාව පසුගිය 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමටවිදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරනු ලැබීය. ඒ අනුව සතියකට විශේෂ ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාවලීටර් 15ක් දක්වාත් සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධනකෝටාව ලීටර් 08ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කර ඇත.
යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක්දක්වාත් බස් රථ සඳහා ලබා දෙන ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාත්කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉඩම් වාහන(Land Vehicle)සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාත්ලොරි රථ සඳහාලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාත් QuadricCycle සඳහා ලබා දෙන ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාත් විශේෂ කාර්යවාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර්30ක් දක්වාත් වෑන් රථ සඳහා ලබාදෙන ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාත් ඉහළ දැමීමට කටයුතු කෙරිණ.