මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (11) පියවර ගෙන තිබිණි.
ඉහල කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පහෙන් දෙකක් මෙසේ විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි ඔවුහු සඳහන් කරති.
ජලාශයේ වාන් දොරටු මෙසේ විවෘත කර තැබීම නිසා ඉහල කොත්මලා ජලාශයට පහල ප්‍රදේශයේ කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්යස්ථානයජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඉහල කොත්මලා ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමත් සමග ඊට පහල පිහිටි ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලේ ජලය පිරී ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙමින් පැවැතිණි.
ශාන් හුලංනුගේ