නඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.
ජලාශයේ ජලය අද (03) දිනය වනවිට සම්පුර්ණයෙන්ම ඉවත් කොට තිබු අතර, ජලාශ පතුලේ විශාල ලෙස රෝන් මඩ තට්ටු වශයෙන් එකතුව තිබෙන අයුරු දැක ගන්නට ලැබිණි.
ඉහළ කොත්මලේ ජලාශයට ජලය පිරවීම අනිද්දා (05) සිට යළි ආරම්භ කරන බවත්,ජලය ඉවත් කිරීමෙන් හිස් වු ජලාශයට බැසීම අනතුරුදායක බැවින් ජලය නොමැති ජලාශයේ කිසිඳු ස්ථානයකට බැසීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී.