
ඉහල කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු පුද්ගල මලසිරුරක් අද (30) දින සොයාගත් බව තලවකැලේ පොලිසිය පවසයි.
ඉහත කොත්මලේ ජලාශ වේල්ල ආසන්නයේ තලවකැලේ හොලිරුඩ් වත්ත ප්‍රදේශයේ ජලාශයේ පුද්ගල මලසිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත අදාල මළ සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
මිය ගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, සිරුර සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාර මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලිසිය වැඩිදුරටත් පැවසිය.