කටුනායක හා තුර්කියේ ඉස්තාන්බුල් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර තිබේ. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති හා වරාය, සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර ඊයේ (30දා) පවත්වා තිබේ.
දැනට, තුර්කි ගුවන් සේවය ශ්‍රී ලංකාවට පියාසර කළත් එය සිදුවන්නේ මාලදිවයින හරහාය. මෙය තුර්කි සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේදී අපහසුතාවක් වන අතර ඔවුන්ට පැය එක හමාරක පමණ අමතර ගමන් කාලයක් ගත කිරීමට සිදුවෙයි. එම කාලය අවම කර ගැනීම මෙහි අරමුණයි.
මෙම නව සේවාව යුරෝපීය සංචාරකයින්ට ප්රතිලාභ ලබා දෙනවා පමණක් නොව ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් දිරිමත් කරනු ඇත.
