ඉෂාරාට සැඟවෙන්න උදව් කළ තවත් දෙන්නෙක් අල්ලයි
- 22 10 2025
- 07:37
- {{hitsCtrl.values.hits}} views
- ..
සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක් ආධාරයෙන් පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු 2025.10.20 වන දින කිලිනොච්චිය උදයනගර් ප්රදේශයේදී හා තිහාරිය, ඕගොඩපල ප්රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 29 හා 42 වයස්වල පසුවන යාපනය හා කිලිනොච්චිය ප්රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
