ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික එලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබේ. ඒ සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් ප්‍රභල ව්‍යාපාරයක් වන LMVH හි ප්‍රධානියා වන බර්නාඩ් ආර්නෝල්ට් දෙවැනි ස්ථානයට පත්කරමිනි.
ටෙස්ලා හි වටිනාකම ඉහළ යාමෙන් මස්ක්ගේ ශුද්ධ වටිනාකම ජනවාරි සිට ඩොලර් බිලියන 55.3 කින් හළ ගොස් සමස්ත වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 192 ක් දක්වා ඉහළ ගියේය.
බ්ලූම්බර්ග්ගේ බිලියනපතියන් දර්ශකයට අනුව ආර්නෝල්ට් මහතාගේ ධනය ඩොලර් බිලියන 24.5කින් ඩොලර් බිලියන 187ක් දක්වා පහළ ගොස් තිබේ.
ඔහුට පසුව ජෙෆ් බෙසෝස් සහ බිල් ගේට්ස් තුන්වන සහ සිව්වන ස්ථානවල පසුවේ.
74 හැවිරිදි ආර්නෝල්ට් මහතා දෙසැම්බර් මාසයේදී ලෝකයේ ධනවත් පුද්ගලයන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පත්වූයේ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම නැවත ඉහළ යාමත් සමඟය.