ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් යුද සමයේදි අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (23) සවස කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.
මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කොට තිබූණේ කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටය.
එහිදි උද්ඝෝෂණයේ නිරත වූවන්ගේ ඉල්ලීම් වි තිබුණේ යුද්දය අවසන් වි වසර 10කට අධික කාලයක් ගෙවි ඇතත් දේශපාලන සිරකරුවන් හේතුවක් නොමැතිව සිරගත කොට ඇති හෙයින් එම සිරකරුවන් වහාම කොන්දේසි විරහිතව නිදහස් කර යුතු බවටත්, යුද අපරාධ සිදු කළ අය වෙනුවෙන් ජාත්‍යන්තර අධිකරණයක් පිහිටුවීම, යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය අධිකරණයක් පිළිනොගැනීම, අතුරුදහන් වූවන් වෙනුවෙන් වහාම පිළිගත හැකි විසඳුමක් ලබා දීම , අතුරුදහන් වූවන් වෙනුවෙන් ඇති කාර්යාල පිළිනොගැනීම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමිනි.
මෙම උද්ඝෝෂණය වෙනුවෙන් කිලිනොච්චිය ඇතුලු උතුරු පළාතේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් රැසක්ද සහභාගී වි සිටියහ.