දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ඉරිදා උදේ වරුවේ මාතර නගරයේ ටියුෂන් පන්ති පැවැත්වීම තහනම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ලමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
මාතර ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේ දී පසුගියදා ඇය ඒ බව කීවාය.
පලමු වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා එසේ ටියුෂන් පන්ති පැවැත්වීම ඉරිදා උදේ වරුවේ තහනම් කරන බවද මාතර මහ නගර සභාව මගින් එම කටයුත්ත සිදු කරන බවද අමාත්‍යවරිය පැවසුවාය.
අ.පො.ස උසස් පෙළ උපකාරක පන්ති ඉරිදා උදේ වරුවේ පැවැත්වීම තහනම් කිරීම ප්‍රායෝගික නොවන බව තම අදහස බවද ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවද පෝල්රාජ් මහත්මිය කීවාය.
විශේෂයෙන්ම දහම් පාසල් අධ්‍යාපනයයෙන් බැහැර වීම තුල දරුවන් නොමගට යොමු වීමේ ප්රවනතාවයන් වැඩි වී ඇති බවද එම නිසා ඉරිදා උදේ වරුවේ දහම් අධ්‍යාපනයට දරුවන් යොමු කිරීම වැදගත් වන බවද එම රැස්වීමේ දී රජයේ නිලධාරීන් අදහස් දක්වමින් කියා සිටියේය.
ඒ අනුව මාතර නගරය තුල ඉරිදා උදේ වරුවේ ටියුෂන් පන්ති තහනම් කිරීමට තීරණය විය. මෙම අවස්ථාවට මාතර මහ නගර සභාවේ පුරපති නීතිඥ ජයන්ත පතිරණ,නියෝජ්‍ය නගරාධිපති නිශාන්ත වික්‍රමරත්න හා මාතර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ඔමිනි මුදලිගේ යන මහතවරු ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.