ඇමරිකා එක්සත් ජනපදය සාම්ප්‍රදායික ආකාරයකින් තම හමුදා අරමුණු සාක්ෂාත් කර ගෙන ඇති බවත් ඉරානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත නොකරන බවත් ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි පවසයි.
"මට එය අවශ්‍ය වන්නේ ඇයි?" යැයි ට්‍රම්ප් පැවැසුවේ ඉරානයට එරෙහි යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිත කරන්නේදැයි වාර්තාකරුවෙකු යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. එසේම එම ප්රශ්නය අඥාණ ප්‍රශ්නයක් බවද ඔහු පැවැසීය.
ඔහු තවදුරටත් මෙසේ පවසයි: "අපි සාම්ප්‍රදායික ආකාරයකින් - එය (න්‍යෂ්ටික අවි) නොමැතිව ඔවුන් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති විට මම න්‍යෂ්ටික අවියක් භාවිතා කරන්නේ ඇයි?" "කිසිවෙකු විසින් න්‍යෂ්ටික අවියක් භාවිතා කිරීමට කිසි විටෙකත් ඉඩ නොදිය යුතුය." යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පැවැසීය.