ඉරාන යුද්ධයට සටන් විරාමයක්?
වොෂින්ටන්/ඩුබායි, අප්‍රේල් 6 (රොයිටර්) - එක්සත් ජනපදයට සහ ඉරානයට යුද්ධය අවසන් කිරීමේ සටන් විරාම සැලැස්මක රාමුව ලබාදී ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය ලබන අඟහරුවාදා අවසාන වන විට ගිවිසුමක් ඇති කර නොගතහොත් ටෙහෙරානයට දැඩිව පහර දෙන බවයි. මේ වන විටත් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම නැවත විවෘත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
සාම සැලැස්මට ක්ෂණික සටන් විරාමයක් සහිත ද්වි-ස්ථර ප්‍රවේශයක් ඇතුළත් වන අතර ඉන් පසුව දින 15-20ක් ඇතුළත අවසන් කිරීමට නියමිත පුළුල් ගිවිසුමක් ඇති බව යෝජනා පිළිබඳව දන්නා මූලාශ්‍රයක් සඳුදා පැවැසූ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
පකිස්තානයේ හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්, එක්සත් ජනපද උප ජනාධිපති ජේඩී වැන්ස්, විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද මූලාශ්‍රය උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සෙවය පවසයි.
තාවකාලික සටන් විරාමයක කොටසක් ලෙස ඉරානය සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකරන බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳුදා රොයිටර් පුවත් සේවයට පැවසීය, ඉරානය යෝජනාව සමාලෝචනය කරන බැවින් නියමිත කාලසීමාවන් පිළි නොගන්නා බව පැවසීය. ස්ථිර සටන් විරාමයක් සඳහා වොෂින්ටනයේ සූදානමක් නොමැති බව නිලධාරියා පැවසීය.
එක්සත් ජනපදය, ඊශ්‍රායල සහ කලාපීය මූලාශ්‍ර උපුටා දක්වමින්, යුද්ධය ස්ථිර ලෙස අවසන් කිරීමට හේතු විය හැකි අදියර දෙකක ගිවිසුමක කොටසක් ලෙස දින 45 ක සටන් විරාමයක් පිළිබඳව එක්සත් ජනපදය, ඉරානය සහ කලාපීය මැදිහත්කරුවන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
