ඊශ්‍රායලයේ ටෙල් අවිව් රෝහලේ තමා බලාගන්නා වැඩිහිටියෙකු සමඟ Beersheva Soreka hospital සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන ඉරෝශිකා චතුරංගනී මහත්මිය අද දින රෝහල ආසන්නයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රි ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඇය අනුරාධපුරයේ සිට මෙයට මාස හයකට පමණ පෙර ඊශ්‍රායලයේ සේවයට පැමිණි අයෙකි. ඇයට රෝහලේ දී ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳව සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින්ම පිටත් කර හැරීමට කටයුතු කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පවසයි.