ඉරානය විසින් ඊශ්රායෙලයට එල්ල කළ මිසයිල ප්රහාරවලින් ඊශ්රායෙල පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්රායෙල නිලධාරීන් පවසයි.
ටෙල් අවිව් නගරයට දකුණින් පිහිටි බැට් යම් නගරයේ ළමුන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් හය දෙනෙකු මිය ගිය බව පොලිසිය පවසයි. එසේම පුද්ගලයින් හත් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර හදිසි සේවා විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයමින් සිටී.
උතුරු අරාබි නගරයක් වන ටම්රා හි ප්රහාරවලින් පුද්ගලයින් හතර දෙනෙකු ද මිය ගොස් තිබේ.
