ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව තුළ පවතින ඉරාන නෞකා සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී රට හා ජනතාව ඳපිළිබව සිතා තිරණ ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මෙම නෞකාවට සැපයුම් දීමට කිසියම් රටක් ඉදිරිපත්වන්නේ නම් ඒම රටට ඒරෙහිව ද්විපාර්ශ්වීය සම්බාධක පනවන බවට ඇමෙරිකාව සඳහන් කර ඇති බවද අමාත්‍යවරයා පැවැසීය.
"ඇමෙරිකාවේ ප්‍රකාශය ගැන අපි සැලකිල්ලට ගන්නත් ඔ්න.යුද්ධය මීට වඩා දරුණු වූ අවස්ථාවේදීත් අපි මානුෂීය තීරණ ගත්තා. ඇමෙරිකාව අපිට පමණක් කියපු දෙයක් නෙමෙයි. මේ නැව්වලට සැපයුම් දෙන්න රජයට තවමත් ඉල්ලීමක් කර නෑ."