කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වී ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙත පළා යෑමට තැත් කළ ඉරාන ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද (17දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.
මොවුන් අතරින් 41 හැවිරිදි එක් ඉරාන ජාතිකයෙකු එරට වෘත්තියයෙන් සංගීතඥයෙකි . 50 හැවිරිදි අනෙක් ඉරාන ජාතිකයා එරට වෘත්තීය ජායාරූප ශිල්පියෙකි.
මොවුන් දෙදෙනා 12/17 දින අලුයම 03.30 ට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කුවේට් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මොවුන් කටුනායක ගුවන් තොටුපළ සිට ශ්‍රී ලංකාවට ඇතුළු වීම සදහා වීසා අනුමැතිය ලබා ගැනීමට මෙම නෝර්වීජියානු ගුවන් ගමන් බලපත්‍ර ඉදිරිපත් කළ අවස්ථාවේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මේවා ව්‍යාජ බවට හදුනා ගැනීමෙන් අනතුරුව, කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ද යොමු කර මෙම ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බවට තහවුරු කර ගෙන තිබේ.
මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා ශ්‍රී ලංකාව තුළ දෙදිනක් රැදී සිටීමෙන් අනතුරුව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වෙත පළා යෑමට සැළසුම් කර තිබුණි .
ඒ සදහා ඔවුන් මෙම ව්‍යාජ නෝර්වීජියානු ගුවන් ගමන් බලපත්‍ර තුළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආගමන විගමන මුද්‍රා ව්‍යාජ ලෙස සටහන් කර ගෙන ද තිබුණි .
මෙම ව්‍යාජ නෝර්වීජියානු ගුවන් බලපත්‍ර දෙක සකස් කිරීම සදහා මොවුන් තුර්කි ජාතික තැරැව්කරුවෙකුට යුරෝ 10,000 බැගින් යුරෝ 20,000 ක මුදලක් ගෙවා තිබුණි . එම මුදලෙහි ශ්‍රී ලංකා රුපියල් වටිනාකම රුපියල් 77,80,000 කි. මීට අමතරව මෙම ඉරාන ජාතිකයන් සතුව තිබූ සියලු මුදල් ද මෙම තැරැව්කරු විසින් කොල්ල කා තිබූ බව මෙම ඉරාන ජාතිකයන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ .
මොවුන් ඉරානයේ පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා මෙලෙස එරටින් පළා යාමට උත්සාහ ගෙන ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබුණි .
මොවුන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරිමේදී , ඒවා තුළ සගවා තිබූ මොවුන්ගේ සැබෑ ඉරාන ජාතික ගුවන් ගමන් බලපත්‍ර දෙක සොයා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී තිබුණි .
ඉන්පසුව මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා ඔවුන් පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ. - 9552 දරන ගුවන් යානයෙන්ම 12/17 දින අලුයම 05.28 ට කුවේට් වෙත පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි .
මේ පිළිබඳව විමර්ශන කටයුතු අත් අඩංගුවට ගැනීම සහ මොවුන් මෙරටින් පිටුවහල් කිරීම ප්‍රධාන ආගමන විගමන නිලධාරී ආර්.ආර්.ජී.බී.රණසිංහ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ එම්.එම්.එස්.එන්. ගුණසේකර සහ එම්.ඒ.හෙට්ටිආරච්චි යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .