ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක උපදේශක, කර්නල් හෝමයෝන් අලියාරි මහතා අද (14දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.
ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක උපදේශක හෝමයෝන් අලියාරි නාවික හමුදාපති හමුවූ ප්රථම නිළ හමුව මෙය වූ අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාපති සහ ඉරාන ආරක්ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.


