ඉරාකයේ වෙළඳසැලක හට ගත් ගින්නකින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගින්න මේ වන විට නිවා දැමීමට කටයුතු කර ඇති අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පැය 48ක් ඇතුලත විමර්ශන වාර්තාව ලබා දෙන ලෙස එරට රජය අදාළ පාර්ශ වලට උපදෙස් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම තත්ත්වයත් සමග ඉරාකයේ දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.