ඇමෙරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවුවහොත් තෙල් මිල වැඩිවිය හැකි බවත්, ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය.
ඇමෙරිකාව සහ චීනය අතර බදු අර්බුදයක් හටගෙන ඇති අතර, එහි බලපෑම ශ්රීලංකාවටද ඇතිවිය හැකි බැවින් මෙවැනි තත්ත්වයන්ට මුහුණ දියයුතු ආකාරය පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද අග්රාමාත්යවරයා පැවසීය.
අග්රාමාත්යවරයාගෙන් අසනු ලබන ප්රශ්න යටතේ පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා විසින් යොමුකරන ලද ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග්රාමාත්යවරයා මේ බව පවසා සිටියේය.