කිලිනොච්චිය දිස්ත්රික්කයට නැවතත් වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ වාන්දොරටු දෙකක් විවෘත කිරීමට සිදුවූ බවට වාරිමාර්ග නිලධාරීහු පැවසූහ.
කිලිනොච්චිය දිස්ත්රික්කයට පසුගිය දින දෙක තුළද වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අඩි 35 අඟල් 10ක් දක්වා වැඩි වීම හේතුවෙන් වාන්දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කිරිමට පියවර ගත් බවටද කිලිනොච්චිය වාරිමාර්ග නිලධාරී කාර්යාලය පවසයි.
මේ මස 06 වනදා ඉරණමඩු ජලාශයේ වාන් දැමීම ආරම්භ වූ අතර එහිදී වාන් දොරටු 14ක් විවෘත කිරීමට සිදුවීමෙන් කිලිනොච්චියේ ජනතාව 20,000කට අධික ප්රමාණයක් විපතට පත් වූ අතර නැවතත් වාන්දොරටු විවෘත වීම හේතුවෙන් පහත් බිම්හි සිටින ජනතාවට ප්රවේසමෙන් සිටින ලෙසට කිලිනොච්චිය ආපදාකළමනාකරන කාර්යාලය විසින් දැනුම් දී ඇත.