රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ ඉඹුල්පේ ප්‍රදේශය බෙලිහුල්ඔය ලෙස නම් කිරීමට පසුගියදා (26දා) රැස් වූ රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කරන ලදී.
මෙම කමිටුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහි දී ඉඹුල්පේ බල ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කර දෙස් විදෙස් ජනතාවගේ ආකර්ෂණය ලබා ගැනීම සදහා බෙලිහුල්ඔය නාමය යොදා හැදින්වීමට තීරණය කළ අතර, ඉඹුල්පේ ප්‍රදේශයේ සියළුම රාජ්‍ය ආයතන ද මින් ඉදිරියට බෙලිහුල්ඔය නමින් හැදින්වීමට මෙහි දී තීරණය විය.
ඒ අනුව, ‘ඉඹුල්පේ’ ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, විවිධ සේවා සමුපකාර සමිතිය ඇතුළු රාජ්‍ය ආයතන බෙලිහුල්ඔය ලෙස නම් කෙරේ.
මීට අමතර ව, මෙම කමිටුවේ දී ජාතික වැඩසටහන් හා දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය, පළාත් සභා සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන පිළිබද ව, මී උණ, ඩෙංගු මර්දන ජාතික වැඩසටහන, කොරෝනා වසංගත තත්වය පිළිබද ව ආදී කරුණු රැසක් පිළිබද ව මෙහි දී සාකච්ඡා කෙරුණි.