ඉම්රාන්ගේ සෞඛ්‍යය යහපත්, නැවතත් බන්ධනාගාරයට
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්, ඉස්ලාමාබාද්හි රෝහලකදී වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර "වෛද්‍යමය වශයෙන් යහපත් සෞඛ්‍ය තත්වයක" පසුවන බව තහවුරු කිරීමෙන් පසු, සිකුරාදා අලුයම නැවතත් ඔහු බන්ධනාගාරය වෙත ගෙන ගොස් තිබේ.
අක්ෂි රෝග විශේෂඥයෙකු, හෘද රෝග විශේෂඥයෙකු සහ සාමාන්‍ය වෛද්‍යවරයෙකු ඇතුළු "සුදුසුකම් ලත් වෛද්‍ය කණ්ඩායමක්" විසින් ඛාන්ව පරීක්ෂා කළ බව පාකිස්තාන තොරතුරු අමාත්‍ය අටාඋල්ලා තරර් පැවසීය.
ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැමිණිලි ලැබීමෙන් පසු, ඔහුව පැය 48ක් ඇතුළත රෝහලකට ගෙන ගොස් වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කරවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා නියෝග කර තිබුණි.
2023 දී සිරගත කළ දා සිට අධිකරණයෙන් ඛාන්ට ලැබුණු වඩාත්ම වැදගත් සහනය මෙය විය. රෝහල වෙත මාරු කිරීමට අමතරව, මාස ගණනාවක් තිස්සේ හමුවීමට නොහැකිව සිටි තම පවුලේ සාමාජිකයන් හමුවීමට ඛාන්ට ඉඩ දිය යුතු බවට ද අධිකරණ නියෝගයේ සඳහන් විය.
අඟහරුවාදා රාත්‍රියේ ඔහුගේ සොහොයුරිය වන අස්මා ඛාන් බන්ධනාගාරයේදී ඔහුව හමුවිය. බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයේ සියලු අදියරයන් පුරාවටම ඇය එහි රැඳී සිටි බව තරර් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
