ඉම්රාන් ඛාන්ව රෝහලකට මාරු කරන්න නියෝග
සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බවට පැමිණිලි ලැබීමෙන් පසු, ඔහුව රෝහලක් වෙත මාරු කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ඉම්රාන් ඛාන්ව, වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරි පැය 48 තුළ ඉස්ලාමාබාද්හි පිහිටි ෂිෆා ජාත්‍යන්තර රෝහල වෙත රැගෙන යන ලෙස විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් නියෝග කළේය.
එමෙන්ම, පවුලේ සාමාජිකයන් හමුවීමට සහ තම පුතුන් සමඟ දුරකථනයෙන් කතා කිරීමට ඛාන්ට අවසර දෙන ලෙසද අධිකරණය ප්‍රකාශ කළේය.
දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඛාන් 2023 වසරේ සිට සිරගතව සිටී.මෙම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙතෙක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැත.
අඟහරුවාදා නිකුත් කළ අධිකරණ නියෝගයේ එම මණ්ඩලය මෙසේ සඳහන් කර තිබුණි: "සිරකරුවෙකුගේ ජීවිතය, සෞඛ්‍යය, ගෞරවය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාපිත සහ නීතිමය වගකීම පිළිබඳව අපි අවධානය යොමු කර සිටිමු."
දෘෂ්ටි දුර්වලතා ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවත්, විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔහුට නොහැකි වී ඇති බවත් 73 හැවිරිදි ඛාන්ගේ නීතිඥවරු පවසති.
සිරගෙදර බලධාරීන් ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම හේතුවෙන් තම සේවාදායකයාගේ දකුණු ඇසේ පෙනීමෙන් ඉතිරිව ඇත්තේ 15%ක් පමණක් බව පෙබරවාරි මාසයේදී ඛාන්ගේ නීතිඥවරයා ප්‍රකාශ කළ අතර, රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
