පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා සඳහා අධිකරණය හමුවේ පෙනී සිටිමට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී අගමැති ධුරයෙන් නෙරපා හරින ලද අතර එතැන් සිට ඉක්මන් මැතිවරණ සඳහා ප්රචාරක කටයුතුවල නිරත විය.
මහ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි.
ඛාන් මහතා බලයෙන් පහකිරීමෙන් පසු ඔහුට එරෙහිව නඩු රාශියක් පවරා ඇත. මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුගේ ලාහෝර් නිවසේ රඳවා ගැනීමට ආරක්ෂක අංශ උත්සාහ කළ නමුත් ඔහුගේ ආධාරකරුවන් විසින් එය අවහිර කරන ලදී.
පසුගිය නොවැම්බරයේ විරෝධතා පාගමනක් පවත්වමින් සිටියදී ඔහුගේ රථ පෙළට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ඔහු දිවි ගලවා ගත්තේය.