පාකිස්ථානයේ අභිනව අගමැති ලෙස දිවුරුම් දුන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් වෙත සුබ පැතුම් පණිවිඩියක් නිකුත් කරන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ඉම්රාන් ඛාන් සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි.
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපෙක්ෂා කරන බවත් ඉම්රාන් ඛාන්ගේ කාලය තුළ පාකිස්තානය තුළ සාමය හා සෞභාග්‍ය උදාවෙනු ඇතැයිද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාකිස්තාන අභිනව අගමැතිවරයාට සුබ පැතුම් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.