ඉබෝලා ගැන ලංකාවේ අවධානය
ඉබෝලා වෛරස ව්‍යාප්තිය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක මෙරට සෞඛ්‍ය අංශවල පෙර සූදානම පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් වැඩබලන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
උද්ගතව ඇති තත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ලබා දී ඇති මාර්ගෝපදේශයන්, ඊට අනුකූලව මෙරට සෞඛ්‍ය අංශ මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළු කරුණු රාශියක් පිළිබඳව මෙහි දී කරුණු ගැඹුරින් සලකා බලනු ලැබීය.
පවතින තත්වය පිළිබඳ මෙරට වැසියන් අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවත් තවමත් මෙම වෛරසය ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සීමිත ප්‍රදේශයක පමණක් පැතිර පවතින බවත් එමෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ වුව ද, දැනටමත් මෙරට සෞඛ්‍ය අංශ පූර්ව සූදානමක ඇති බවත් මෙහි දී අනාවරණය විය.
එමෙන් මෙම තත්ත්වය පිළිබඳව තවදුරටත් අනෙකුත් සියලුම පාර්ශ්වයන් සමඟ යළි යළිත් සාකච්ඡා කර අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙසත් අමාත්‍යවරයා මෙහි දී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

