ඉපදෙන්නත් කලින් පාර්ලිමේන්තු ආව අගමැති
වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉපදෙන්නටත් කලින් ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව තමන් පොත්වලින් කියවා ඇති බවත් ඔහුගේ මව පාර්ලිමේන්තුවට එන විට දිනේෂ් ගුණවර්ධන කුසේ සිටි බවට ඔහුම පවා කියා ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සුරෙන් රාඝවන් මහතා පැවැසීය. අද (09දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
“අගමැතිතුමා අවුරුදු 45ක අත්දැකීම් තිබෙන දෙශපාලඥයෙක්. ඉපදෙන්නට කලින් මේ සභාවට ආපු එකම මන්ත්‍රීවරයා එතුමා වෙන්න පුළුවන්. එතුමාගේ පියා සිරගතව සිටින විට එතුමාගේ මව පාර්ලිමේන්තුවට ආවා. එතකොට එතුමා කුසේ සිටි බවයි අපි පොත්වල කියලා තියෙන්නේ. එතුමා කියලත් තියෙන්නේ.
ඒ අගමැතිවරයාට දැන් ස්වදේශ කටයුුතු අමාත්‍යාංශය ලැබී තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉතාමත් බුද්ධිශූර ලේකම්වරයෙක් කියලා ඔහුගේ කථා වලින් පේනවා. මේකයි අවස්ථාව අපිට රාජ්‍ය සේවය ගැන නැවත කියැවිමට.”
popular news
-
Rocky Thursday, 10 November 2022 12:37 AM
Malaata passeth alimenthuwa daala yana ekak nehe !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
