ඉඳුල් බත් ඇට දිවෙන් ඇහින්දවූ විදුහල්පතිනියට ස්ථාන මාරු
ආහාර ගැනීමෙන් අවසන් වු පසු මේසය මත වැටී තිබු ඉදුල් බත් ඇට සිසුන් මගින් දිවෙන් ඇහින්දවා දඩුවමක් දුන් බව කියන මාතර පාසලක විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
මීට දින කිහිපයකට පෙර මෙම දඩුවම ලබා දී තිබෙන අතර ඊට මුහුණ දී ඇත්තේ එම පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.
පාසල් විවේක කාලයේ දී සිසුන් විසින් ආහාරයට ගන්නා ලද ඉඳුල් මේසය මත ඉවත් කර නොමැති බව විදුහල්පතිනිය පන්ති කාමර නිරීක්ෂණයේ දී දැක ඇත.
ඒ අනුව එම මේසයේ ආහාර ගත් සිසුන් පිරිස විදුහල්පතිනිය විසින් කැදවා ඔවුන් මේසය පිරිසිදු නොකිරීමේ වරදට දිවෙන් බත් ඇට ඉවත් කිරීමට උපදෙස් ලබා දී තිබෙන බව කියති.
විදුහල්පතිනියගේ අණට කීකරු වෙමින් සිසුන් පිරිස දිවෙන් බත් ඇට ඉවත් කිරීමට පටන් ගෙන තිබෙන අතර පාසලේ සේවය කරන අයෙකු එම සිද්ධිය තම ජංගම දුරකතනයෙන් වීඩියෝ කර මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
පසුව එම සිද්ධිය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය එම සිද්ධිය සම්බන්ධව පරික්ෂණයක් ආරම්භ කර ඇත.
පරීක්ෂණය අවසන් වන තෙක් අදාල විදුහල්පතිනිය තාවකාලිකව මාතර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත ස්ථාන මාරු කල බවද එම පරික්ෂණ වාර්තාව අනුව ඉදිරි විනය ක්‍රියා මාර්ග තීරණය කරන බවද දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා කීවේය.
තවද ශිෂ්ටසම්පන්න සමාජයකට එවැනි දඩුවම් ක්‍රම නොගැලපෙන බවද ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
මාතර සෙව්වන්දිපත්තුවේ ආරච්චි



popular news
-
LGPJ. Monday, 19 December 2022 12:46 AM
She is one principal with inferior principles.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

