දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිශය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රසිද්ධියේ විවේචනය කළේය. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න බැරිනම් යන ලෙසත් ඔහු පැවැසීය.
"කෝච්චිවල ජනේල වහන්න බෑ. ජනේල වැහුවට පස්සේ රස්නෙන් පිච්චෙනවා. එක ෆෑන් එකක් වැඩ නෑ. මම මාර්තු
මාසයේ ඉදන් කියනවා ෆෑන් ටික හදන්න කියලා. එක වොෂ් රූම් එකක වතුර නෑ. මම කිව්වා වොලන්ටියර්ල දෙන්නම්කියලා. ෆෑන් ටික දෙන්න බැරිව මොන කථාද? මිනිස්සු වේලෙනවා, තෙමෙනවා. මාර්තු ඉදන් ෆෑන් ටිකක් හදන්න බැරිවමොනවද කරන්නේ. ඇයි එමෙහ කරන්නේ.
මිනිස්සු ගැන සත පහක හැගීමක් නැති අය ඉන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ. මිනිස්සු මරණ තුනක් ඉන්නේ. වහිනකොට තෙමෙනවා ජනේල් වහන්න බෑ. ජනේල් වැහුවොත් දාඩිය දානවා ෆෑන් නෑ. වොෂ් රූම්වල වතුර නෑ. හිර ගෙයක් වගේ. මේක කරන්න නැත්නම් මම රත්මලානට මගීන් එවනවා. ජා ඇල සීදුව පැත්තේ අවුරුදු හතරක ළමයෙක් කේච්චියේපළවෙනි ගමන යන්න ඇවිත් ජනේලයක් වැටිලා ඒ ළමයගේ ඇඟිලි දෙකක පුරුක් දෙකක් තැලුණා.
මම තාත්තට කථා කළාම තාත්තා කිව්වේ 'සර් මොකටද මේ රටේ ජීවත් වෙලා' කියලා. දුම්රිය දෙපාර්තමේන්තුවේ අදාළ ඔක්කොටම කියන්නේ සර්විස් එක දෙන්න බැරිනම් කරුණාකරලා යන්න. මම මිනිස්සුන්ට අඩනවා. මම මිනිස්සුන්ගෙන් සමාව ගන්න එකේ සීමාවක් නෑ. ඔයගොල්ලන්ගේ දරුවෝ යන්නේ මර්සිඩීස්වලද?
දුම්රිය ලොක්කන්ගේ දරුවෝ නොනලා කවුරුත් කෝච්චියේ යන්නේ නැත්ද් මේක සීරියස් ගන්න. කරන්න බැරිනම් යන්න. මේ අන්තිම වෝනින් දෙන්නේ. තිත්වෙලා තියෙන්නේ. දුම්රිය දෙපාර්තමේන්තුව සියයට 1ක ප්රෝග්රස් එකක් පෙන්නන්නේ නෑ.දුම්රිය දෙපාර්තමේන්තුවට වෙන්කළ මිලියන 3500ක් වෙන දෙපාර්තේම්තුවලට දුන්නා. මේන් ලයින් එකේ කලු පාලමේ කෝච්චි නතර කරලා යන්නේ. ලැජ්ජ වෙන්න ඕන."