හාලිඇල ඇටම්පිටියේ ග්රාමීය ප්රදේශවල ජනතාව ඉන්ධන හිගයට විසදුමක් ලෙස මේ දිනවලදි තවලම් මගින් භාණ්ඩ ප්රවාහනය කිරීමට යොමුවී සිටිති.
ඇටම්පිටියේ ග්රාමීය ප්රදේශවල ජනතාව ගම්මාන අතර භාණ්ඩ ප්රවාහනයට තවලම් යොදාගෙන ඒදිනෙදා ප්රවාහන පහසුකම් සපුරාගැනීමට කටයුතු කරනු ලබන අතර වේරගම ගම්මානයේ ගොවීන් පිරිසක් වෙල්යායෙන් නෙළාගත් වී අස්වැන්න නිවසට ගෙනයෑමට ගවයින් යොදාගෙන තිබේ.
මේ දිනවලදි ගොවි බිමි වලින් නෙළාගන්නා අස්වැන්න නිවසට මෙන්ම වෙළදපොළට ගෙන යෑමට ගවයින් යොදාගැනීම ඉන්ධන හිගයට විසදුමක් බව ගැමියන් කියයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි
