ඉන්ධන හිඟය නිසා දීවයින යින පුරා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සහ එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් ගේ පැමිණීම 50% කට වඩා අඩු වී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ සහ ගොවීන් පවසති.
බොහෝ ගොවීන් පොදු මගී ප්‍රවාහන යොදාගෙන තම නිෂ්පාදන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අලුයම කාලයේ සිට ගෙනවිත් තිබූ අතර ඇතැම් පිරිස් පෝලිමේ සිට ඉන්ධන සොයා ගෙන තම අස්වැන්න වෙළෙඳ පොළට රැගෙන ආවද ඒවා මිලදී ගැනීම සඳහා පිට පළාත්වල සිට පැමිණෙන වෙළෙන්දන් ගේ අඩුවීම නිසා තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වී තත්ත්වයක් උදා වී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
විශේෂයෙන් මේ දිනවල යාපනය අර්ධද්වීපයේ එළවළු විශාල වශයෙන් ලැබෙන කාල වකවානුව බව පෙන්වා දෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන් කියා සිටියේ පොහොර හිගය මෙන්ම ඉන්ධන හිගය හේතුවෙන් වෙනදාට යාපනයෙන් ලැබෙන එළවළු තොග සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අඩු වී ඇති බවය.
යාපනයෙන් වෙනත් දින වලදී එළවළු වර්ග රැසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණ ද මේ දිනවල බිට් , වට්ටක්කා, අර්තාපල් අල ,අමුමිරිස් රතු ලුණු ආදී ඉතා ස්වල්ප ප්‍රමාණයක් ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.
යාපනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීන් කියා සිටියේ ඉන්ධන නොමැති වීම සහ එළවළු වගාවෙන් බොහෝ ගොවීන් පොහොර නොමැතිවීම නිසා ඉවත් වීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බව ය
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු අලෙවි කිරීම් සඳහා නුවරඑළිය ප්‍රදේශයෙන් පැමිණි බොහෝ ව්‍යාපාරිකයන් සහ ගොවි අතරමැදියන් කියා සිටියේ එලවළු ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා ඉතා සීමිත එළවළු ප්‍රමාණයක් ලොරි රථයක දමාගෙන ආර්ථික මධ්‍යස්ථානයට පැමිණිය ද ඒවා අලෙවි කර ගැනීමට නොහැකි වීම බරපතල ප්‍රශ්නයක් බවයි.
එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් කියා සිටියේ මිලදී ගැනීම් සඳහා පැමිණෙන ව්‍යපාරිකයන්ගේ අඩුව හේතුවෙන් පස්වරුව වන විට එළවළු මිල විශාල වශයෙන් පහත වගැටී ඒවා ඉතා අඩු මුදලකට අලෙවි කිරීමට සිදුවන බවය. මෙවැනි තත්ත්වය නිසා ගොවීන් ව්‍යාපාරිකයන් වෙළෙන්දන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.





