ඉන්ධන හිගය හේතුවෙන් ගෑස් බෙදා හැරීමට බාධා පැමිණ ඇති බව හැටන් සහ බගවන්තලාව ප්රදේශයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.
දින ගණනාවකට පසු අද (27දා) දින බගවන්තලාව ප්රදේශයේ ලිට්රෝ ගැස් අලෙවි නියෝජිතයන්ට සිමිති ගැස් සිලින්ඩර් ප්රමාණයක් පමණක් නිකුත් කල අතර, පවතින ඉන්ධන හිගය හේතුවෙන් ගැස් බෙදා හැරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව ගැස් සමාගම විසින් තමන් වෙත දැනුම් දුන් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.
ඉල්ලුමට සරිලන ගැස් තොග සමාගම විසින් තමන් වෙත ලබානොදෙන බවද එම ගැස් අලෙවි නියෝජිතයන් කියා සිටියි.
