පයාගල අද (07) සවස 6.00 ට IOC ඉන්ධන හල අසලදී ත්රීරෝද රථ රියදුරෙකු සහ කාර් රථයක පැමිණි පුද්ගලයකු සමග ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් කාර් රථයේ පැමිණි පුද්ගලයා ඔහුට හිතවත් තවත් පුද්ගලයින් 06 කු රැගෙන විත් ත්රීරෝද රථ රියදුරුට තියුණු ආයුධයකින් පහර දී ඇත.
තුවාලකරු රලදිනුගම, උතුරු පයාගල ලිපිනයේ පදිංචි පී.ඒ අරුණ මධුසංක යන අය බව පොලිසිය පවසයි. තුවාලකරු ප්රතිකාර සදහා නාගොඩ මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පයාගල පොලිසිය පවසයි. පහරදුන් පුද්ගලයන් තමන් නාදුනන පුද්ගලයන් බවට පොලිසියට සදහන් කර ඇත.පයාගල පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ පවත්වයි .
අලුත්ගම සරත් සිරිවර්ධන