ඉන්ධන හල් හදිසියේ වටලයි
කොහුවල ප්‍රදේශයේ ඉන්ධන හලක් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හදිසි වැටලීම් ඒකකයේ විමර්ශන නිලධාරීන් අද (23දා) දින කටයුතු කළේය.
පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරාගත් පිලියන්දල සමුපකාර ඉන්ධන හලේ ඉන්ධන වංචාවෙන් අනතුරුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක දර්ශන රත්නායක මහතාගේ උපදෙස් මත විමර්ශන කළමනාකාර රංජිත් සමරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දිවයින පුරා විශේෂ වැටලීම් ඒකකයේ කණ්ඩායම් යොදවා අහඹු ලෙස ඉන්ධනහල් පරික්ෂා කිරීමේ වැඩසටහන යටතේ මෙම වැටලීම සිදු කෙරිණි
එහිදී සියලුම ඉන්ධන පොම්ප වලින් මුදලට සරිලන ලෙස ඉන්ධන පාරිභෝගිකයන් වෙත ඉන්ධන නිකුත් කෙරෙන්නේ ද ? යන්න විශේෂ අවධානයක් විමර්ශන නිලධාරීන් යොමු කර මිනුම් උපකරණ ද භාවිතා කරමින් පරීක්ෂාවට ලක්කල , අතර ඉන්ධන පොම්පය වල අභ්‍යන්තර පරිපථ පරීක්ෂාවට ලක් කෙරිනි.
තවද භූගත ඉන්ධන ටැංකි කෙරෙහි ද විමර්ශන නිලධාරීන්ගේ අවධානය මෙහිදී යොමු කෙරිණි. මේ සඳහා විමර්ශන නිලධාරීන් පස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් සහභාගී විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
