ඉන්ධන මිල අඩුවීමේ සහනය පාරිභෝගික භාණ්ඩ හරහා ජනතාවට ලැබී නැති බවත් ඉදිරියේදී මේ වෙනුවෙන් සිය සංගමය දැඩි සටනක් ගෙන යාමට කම්කරු දිනයේදී සිට පියවර ගන්නා බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති හා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (1) පිටිගල තල්ගස්වලදී කීවේය.
ඉන්ධන මිල අඩුවන විට පාරිභෝගික භාණ්ඩ මිල අනිවාර්යයෙන්ම අඩුවිය යුතු බවත් රටේ එවැනි යාන්ත්රණයක් නැති බවත් එය ජාතික යාන්තරණයක් විය යුතු බවත් අසේල මහතා කිය.
ඉන්ධන මිල අඩුවන සෑම අවස්ථාවකදීම රටේ පාරිභෝගික භාණ්ඩවල මිල අනිවාර්යයෙන්ම අඩු කරන තැනට වගකිවයුත්තන් ගෙන ඒමට කටයුතු කරන බවත් එය සාකච්චාවෙන් හෝ සටන්වලින් සිදු කරන බවත් අසේල මහතා වැඩිදුරටත් කීවේය.